Posted on 08.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මන්නාරම සමූහ මිනිවලේ මිනිස් සිරුරු 81 හමු වී ඇති තත්වයක් තුළ එහි කැණීම් කටයුතු වාර්තා කිරීම සදහා මාධ්‍යවේදින් ඇතුළුවීම තහනම් කරමින් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දී ඇත.
මේ වනවිට මෙසේ මිනිස් සිරුරු 81ක් සොයාගෙන එයින් 76ක් අධිකරණය වෙත භාර දී ඇති බව පරික්ෂන කටයුතු මෙහෙයවන අදිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මෙම කැණීම් කටයුතු සම්බන්ධ වගකීම ඇත්තේ මෙම සමූහ මිනිවල සම්බීබන්ධව ‘B 232/2018’ දරණ අධිකරණ විභාගය සිදුකරණ මන්නාරම මහේස්ත්‍රාත්වරයාට බැවින් ඇතැම් සාවද්‍ය වාර්තා හේතුවෙන් අධිකරණයට මෙවැනි පියවරක් ගන්නට සිදුව ඇති බව ප්‍රකාශ වී ඇත. ආරක්ෂක අංශ විසින් දහස් ගනනක් අත්අඩංගුවට ගෙන ඇති එසේම එයින් බොහොමයක් පිරිසක් අතුරුදන්වෙව ඇති පසුබිමක මෙවැනි සමූහ මිනිවලක කටයුතු වාර්තා කිරිමේදී බාධා පැමිණිම කනගාටුදායක කරුණක් බව මානව හිමිකම් ක්‍රියාකාරිහු පවසති.