Posted on 01.30.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඉදිරි ජනාධිපතිවරණයකදී දකුණේ ජනයාගේ ඡන්ද අහිමිව යාමේ අවදානමක් ගැන කල්පනා කරමින් ගලබොඩඅත්තේ ඥාණසාර අධිකරණයට අපහාස කළ බවට තීන්දුකර දුන් දණ්ඩනයෙන් නිදහස් කිරීමට ‘ජනාධිපති සමාව’ පාවිච්චි කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අරමුණ බව අනුමාන කෙරේ.
මේ අනුව, පෙබරවාරි 4 යටත්විජිතභාවයෙන් ඩොමිනියන් තත්වයට පත්කළ දිනයේ ගලබොඩ ඤාණසාරට ජනාධිපති සමාව දෙන ලෙස භික්ෂුන් විසින් කරණ ඉල්ලීමක් මාර්ගයෙන් අධකරණ තීන්දුවට පයින් ගසා සමාව ප්‍රකාශයට පත්කරනු අතැැයි දේශපාලන ආරංචි මාර්ග අනුමාන කරයි.
2016 වසරේ ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ පැමිණිලිකාරියක වන සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් 2017 ජුනි 14 වැනිදා ඥානසාරg මාස 6ක සිර දඩුවම් නියම කෙරුණි. ඉන් දින 8 කට පසු එ් ගැන දුන් තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් සලකා උන්වහන්සේව ඇප මත මුදාහැරුණි. එසේ සිටියදී ඥානසාර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී අදිකරණයට අපහාස වන අයුරුන් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19 ක සිර දඩුවමක් වසර 6 කින් ගෙවී යන පරිදි පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා නියම කළේය.
මාස 6 ක සිර දඩුවමට අදාලව උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමෙන් පසු එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණද මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ කරුණු නිසි පරිදි අධ්‍යයනයට කාලය ප්‍රමාණවත් නොවූ බැවින් පෙබරවාරී 8 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර වසර 6 ක සිරදඩුවමට අදාලව ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස්