Posted on 10.06.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක විසින් නඩුවක සාක්කි ලබාදීමට තිබියදී ඔහුට අධිකරණයට යාමට ඉඩ ලබා නොදුන්නේ කුමන බලයක් මතදැයි කරුණු දක්වන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර විසින් කොළඔ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබේ.
පෞද්ගලික සමාගමකට එරෙහිව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුවක් ඊයේ(5) යළි කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේය. කොළඔ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම කරුණු දැක්විය යුතු බවද එම නියෝගයේ සටහන් විය. මහජන සෞඛ්‍ය පරික්ෂක ජයතිලක මෙම අවස්ථාවේ තවදුරටත් අධිකරණයට දන්වා සිටියේ තමන්ට එරෙහිව අධිකරණය මගින් නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවා ගැනීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිමටවත් තමන්ට ඉඩ ලබා නොදුන් බවකි.