தமிழ்
English
Contact
Saturday 28th May 2022    
අපි ඉදිරිපත් කරන්නේ දිනන අපේක්ෂකයෙක් - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අපි ඉදිරිපත් කරන්නේ දිනන අපේක්ෂකයෙක් – මහින්ද රාජපක්ෂ



ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ. ඊයේ(17) පැවති හිසතෙල් ගෑමේ උත්සවයට එක්වෙමින් තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පවසා ඇත.

මෙහිදී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ “අපිත් එකක් ඉන්න සියලු පක්ෂවල අනුමැතිය සහ කැමැත්ත මත අපේක්ෂකයා තෝරනවා. ජනතාව බදු නිසා අමාරුවෙන් ඉන්නෙ. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා, මහ මැතිවරණ, ජනාධිපතිවරණ යන තුනෙන්ම අපි පහසුවෙන් ජය ලබනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින්නේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවද මහින්ද රාජපක්ෂ පවසා ඇත.