Posted on 01.13.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවී වෙනම බලවේගයක් හැදීමට ආරාධනා කරන බව මහින්ද අමරවීර පවසා තිබේ. විවිධ බෙදීම් ඇතිකිරිමන් වාසි සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට බවත් මහින්ද රාජපක්ෂ බුද්ධිමත් තීරණ ගනු ඇතැයි තමන් ඇතුළු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.
මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසුවේ ” සමහරු කියනවා පොල් ලෙල්ලක් ආවත් ජන්දේ දෙනවා කියලා. අපි එහෙම ලෑස්ති නැහැ. විවිධ පුද්ගලයෝ දෙස බලලා නෙමෙයි ඡන්දය දෙන්න ඕනා. ප්‍රතිපත්ති රට ගැන හිතලා ජන්දය දෙන්න ඕනා. ”
ඔක්තෝම්බර් 26 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු ජන පෙරමුණු අතර ඇතිවූ සන්ධානයට බලපෑවේද ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ ප්‍රශ්නයි. නමුත් එම සන්ධානය පරාජය වීමෙන් පසු තවදුරටත් නිහඬව නොසිට එම පක්ෂ වෙන වෙනම ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ තම තමන්ගේ බල ව්‍යාපෘති ඉදිරියට ගන්නා ආකාරයට දක්නට ලැබේ.