Posted on 06.01.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
අමෙරිකා එක්සත් ජනපදයේ මිනියපොලිස්හිදී කලු අමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට ඒරෙහිව විරෝධතා නව මගකට ඒළඹෙමින් තිබේ.
එක්සත් ජනපදයේ ප්රාන්ත 50න් 25කම ප්රධාන නගරවල විරෝධතා ඇවිල යද්දී ඇතැම් පොලිස් නිලධාරින්ද විරෝධතාකරුවන්ට සහාය පළ කර ඇත.
මෙම ඝාතනයේ චූදිතයා ලෙස සැලකෙන ඩෙරෙක් ෂොවින් සමග තවදුරටත් විවාහක බැඳීමක් පවත්වාගත නොහැකි බව කියමින් නීතිඥවරියකවන ඔහුගේ බිරිය කෙලී, දික්කසාද නඩුවකට සූදානම්වන බව වාර්තා වේ.
විරෝධතා උත්සන්න වීමෙන් මිනියපොලිස් නගරයේ පොලිස් ගොඩනැඟිල්ල ගිනිබත් කිරීම සහ ප්රචණ්ඩ ගැටුම් ආරම්භ වීමත් සමග ඒරට ආරක්ෂක හමුදා සහ කැරලි මර්දන ඒ්කක රාජකාරියට කැඳවා ඇත. ඇතැම් අවස්ථාවල වෙළඳසල් කොල්ලකෑම්ද සිදුව ඇති බවද ‘කොල්ලකෑම් ආරම්භවන විටම වෙඩිතැබීම ආරම්භ වනු ඇති බව’ට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු ඇඟවූ බවද වාර්තා වේ.
මේ කොල්ලකෑම් හා ගිනිතැබීම්වලට හසු වූ මිනිය පොලිස් නගරයේ ‘ගාන්ධි මහල්’ නමැති ජනප්රිය ආපන ශාලාවක හිමිකරු ‘මට පාඩුවක් වුණත් කමක් නෑ, ආපහු නැගිටින්න පුලුවන්. මගේ ගොඩනැගිල්ල ගිනි ගත්තදෙන, නමුත් යුක්තිය ඉටු විය යුතුයි’ යනුවෙන් සිය ට්විටර් ගිනුමේ සටහන්කර ඇති බවද වාර්තා විය.