Posted on 03.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) වරින්වර ආගමික ගැටුම් ඇවිලවීමට ආගමික පුද ස්ථානවලට හානි කරන ලද්දේ ඉන්දිය සම්බන්ධයක් අනුවදැයි සැකයක් මතුව ඇත.
රත්මලේවත් නුගේබෝධිය අසල බුදු පිළිම කීපයක සිරස කඩා දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණය සිදු කරන බවත් සැකකරුගේ ඡංගම දුරකතන ආදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව ද පොලිසිය කියයි.
මේ අන්දමට විවිධ අවස්ථාවල ආමික සංකේතවලට හානි සිදුකරන ලද අතර 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුවද මුස්ලිම් ජාතිකයන්ට ඒරෙහි වෛරී අදහස් රැගත් ප්‍රචාර සිදු විය. මේ අනුව, ඉන්දිය ජාතිකයන් ඉටු කළේ ආගමික අන්තවාදී ගැටුම් ව්‍යාප්ත කිරීමේ ප්රයත්නයක්ද යන්න අවධානයට ලක්ව ඇත.
ඉන්දිය මැදිහත්වීමෙන් මින් පෙර ජාතිවාදී කණ්ඩායම් සඳහා අවි පුහුණු කිරීම් සිදුව ඇති අතර ලංකාවේ ජාතික ප්‍රශ්නයට මැදිහත්වීමේදී ඉන්දිය අරමුණු හා සම්බන්ධයක් ඇත.