Posted on 06.03.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
අමෙරිකා එක්සත් ජනපදයේ කලු ජාතිකයකු පොලිස් ඝාතකයකුගේ ගොදුරක් බවට පත්වීමට ඒරෙහිව ගෙන යන විරෝධතාවන්ට ප්‍රංශයේ
එබඳු ඝාතනයක් සම්බන්ධ විරෝධතාකරුවන් ඒක්ව තිබේ.
වසර 2016 දී පැරිස් අගනුවර පොලිස් මෙහෙයුමක් අතරතුර කළු ජාතිකයෙකුගේ මරාදැමීම සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) විරෝධතා පැවැත්වූහ. 24 හැවිරිදි ප්‍රංශ කළු ජාතික ඇඩමා ට්රෙයොරේ සැමරීම සඳහා දහස් සංඛ්‍යාත පිරිස් මෙලෙස උතුරු දිග පැරිසියේ, ඇවනියු ඩී ක්ලීච් ප්‍රදේශයේ පවැති මෙම විරෝධතාවලදී ගිනි අවුලුවමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණහ. කොරෝනා අවදානම හේතුවෙන් පනවා තිබූ තහනම නොතකා විරෝධතාකරුවන් විසිරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලිසිය පවසයි.
ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා සිටින විරෝධතා අනුකරණය කරමින් ඇඩමා ට්රෙයොරේගේ මරණයට ද සාධාරණත්වයක් ඉල්ලමින් විරෝධතාකරුවෝ පෙළපාලි පැවැත්වූහ.