Posted on 06.04.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කළ 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත. යි ඒ.පී. පුවත් සේවය වාර්තා කරන ආකාරයට, විරෝධතා පැවැත්වෙන 9 වැනි දිනයේ ප්රචන්ඩත්වය පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබුණද රට පුරා විරෝධතා පැවැත්වේ. නගර 150කට අධික සංඛ්‍යාවකට පැතිර ගිය සාමකාමී විරෝධතා ආරක්ෂක අංශවල මැදිහත් වීමත් සමඟ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. කෙසේ නමුත් බදාදා දිනයේදී, විශේෂයෙන්ම බදාදා රාත්‍රියේත් විරෝධතා පැවැත්වුණු අතර පෙර දිනවලට සාපේක්ෂව එම විරෝධතා සාමකාමීව පැවැත්විණි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා රැල්ලක් බවට පත්ව ඇත. එම විරෝධතා මේ වනවිට ලොවපුරා ප්‍රධාන නගරවලටත් පැතිර ගොස් තිබේ.