Posted on 02.29.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කරමින් වසර 18ක් සිදුකළ යුද්ධය අවසානයේ තලේබාන් සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කරයි.
මෙම එකඟතාව අනුව එක්සත් ජනපදය හා නේටෝ හමුදා මාස 14ක් තුළ ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමට නියමිතය. ඩෝහා කටාර්හිදී මෙම එකඟතා ගිවිසුම අත්සන් තැබීමට අමෙරිකන් ආරක්ෂක ලේකම් මයික් පොම්පෙයො සහ තලිබාන් නායකයන් සහභාගි වූහ. එසේම එක්සත් ජනපදය මැදිහත්වී පිහිටුවන ලද ඇෆ්ඝන් ආණ්ඩුව හා තලිබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ කෙරෙනු ඇත.
2001 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගන් ආරක්ෂක මූලස්ථානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ත්රස්තවාදයට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත්කළ අරෙිකා එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයේ අල්කයිඩා සහ තලේබාන් කඳවුරුවලට ප්‍රහාර එල්ල කරමින් යුද්ධයක් ආරම්භ කරන ලදී. මෙම යුද්ධය සඳහා පැමිණි 15,000ක් අමෙරිකන් සොල්දාදුවන් අතුරින් 2400ක් පමණ මියගිය බවත් තවත් සිය ගණනක් තුවාල ලබා සිටින බවත් වාර්තා වේ.