Posted on 08.06.2018 by Nishshanka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් හේතුවෙන් නෙටෝ සංවිධානයට අයත් හමුදා සෙබළුන් තිදෙනෙකු මියගොස් තවත් භටයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙ.
මෙසේ මියගොස් ඇත්තේ චෙක් ජනරජයට අයත් සෙබළු තිදෙනෙකෙු වන අතර තුවාල ලබා ඇත්තේ ඇත්තේ ඇෆිගන් හමුදා සෙබළුන් හා එක්සත් ජනපද සෙබළකු බම එම වාර්තා වැඩිදුරටත් පවසයි.
2018 වසරෙු් මේ දක්වා නෙටෝ හමුදා සාමාජිකයින් 7 දෙනෙකු ඇෆ්ගස්ථානයේදී මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
මෙම ප්රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබේ තලේබාන් සංවිධානය සමග එක්සත් ජනපද රාජ්යතාන්ත්රික නිලධාරීන් පසුගියදා කාටාර්හිදී රහස් සාකච්ඡා පවත්වා ඇති බවද පසුගියදා අනාවරණය විය.
2001 වසරේ එක්සත් ජනපදය හමුදා ප්රමුඛ නෙටෝ හමුදා ඇෆ්ගනිසථානය ආක්රමණය කිරීමෙන් පසුව නෙටෝ හමුදා සෙබළු 3492 දෙදෙනෙකු මේ දක්වා මියගොස් ඇති බව වාර්තාවේ.