Posted on 08.29.2020 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඇෆ්ඝනිස්ථානයේ සිනමාවේදිනියක, නිළියක හා කාන්තා ක්‍රියාකාරිනියක වූ සබා සහාර් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.
උදයේ නිවසින් පිටව යද්දී මෝටර් රථයට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බව ඇෆ්ඝන් මාධ්‍ය පවසයි. යතුරුපැදිවලින් පැමිණි ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂ ඝාතකයන් විසින් මෙය සිදුකර ඇති බව අනුමාන කෙරෙන්නේ මෝටර් රථයේ සිටි දැරියකට කිසිදු හානියක් නොවන සේ සබා සහ ඇයගේ ශරීරාරක්ෂකයන් ඉලක්කකර වෙඩි තබා ඇත. 44 හැවිරිදි සබා දැඩි ලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව කෝමා තත්වයක සිටියත් පසුව ඇය සුව අතට හැරෙමින් සිටින බව ඇගේ සැමියා මාධ්‍ය වෙත හෙළි කළේය.
ඝාතන ප්රයත්නය සම්බන්ධ අන්තවාදී ‘තලේබාන්’ සංවිධානයට චෝදනා ඒල්ල වුවද ඔවුන් එම ඝාතන ප්රයත්නයේ වගකීම බැහැර කරන ලදී.
2004 වසරේ සබා සහාර් නිර්මාණය කළ ‘ද ලෝ’ ඇගේ පළමු සිනමා නිර්මාණයයි. ඉන්පසුව 2010දී ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය ඇය අමෙරිකානු විචාරකයන්ගේ අවධානයට පාත්‍ර කළාය. ඇගේ අවසන් සිනමා නිර්මාණය වූයේ 2011දී බිහි කළ ‘කාබුල් ඩ්‍රීම් ෆැක්ටරි’ සිනමා කෘතියයි.
සිනමා කාර්යයට එක්වන්නට පෙර ඇය ඇෆ්ඝනිස්ථාන පොලිසියේ සේවය කළාය.