Posted on 04.19.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ලාංකික සොල්දාදුවන් සම්බන්ධයෙන් ‘යුද අපරාධ’ චෝදනා මත නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමුළුව තුළ දැඩි ස්ථාවරයක් දැරූ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව, වධහිංසා හා යුද අපරාධ සම්බන්ධ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහි ක්‍රියාමාර්ග අවහිර කරවන පනතක් සම්මතකර ඇත.
අප්‍රේල් 13 ඔවුන් සම්මත කළ නීතිය අනුව, අවුරුදු පහකට වඩා පැරණි යුද අපරාධ හා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් විදේශයන්හි සේවය කළ බ්‍රිතාන්‍ය භටයන්ට නඩු පැවරීමට නොහැකිය.
ඒ අනුව, සිවිල් වැසියන්ට හෝ සිරකරුවන්ට වධහිංසා පැමිණවීම, යුද අපරාධ සහ ජන සංහාරයන් සිදු කිරීම යන චෝදනා මගින් බ්‍රිතාන්‍ය සෙබලුන් ආරක්ෂා කිරීම සිදු වේ. යුද අපරාධ ඇතුළු ෙඑතිහාසික’ අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හමුදාවන්ට පෙර නොවූ විරූ ව්‍යවස්ථාපිත සහන ප්රදානය කරමින් පනත් කෙටුම්පත 2020 නොවැම්බරයේදී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. බ්‍රිතාන්‍ය රජය විසින් ‘නිර්භීත සොල්දාදුවන්ට’ එරෙහිව නඩු පැවරීම නැවැත්වීමේ පියවරක් ලෙස ගත් බව ප්‍රකාශ කළ මෙම පියවර හේතුවෙන්, විශේෂයෙන් ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ බ්‍රිතාන්‍ය භටයන් සිදුකළ අපරාධවලින් ආරක්ෂා කිරීම සිදුවන බවට චෝදනා නැගී ඇත.
ලංකාවේ විවිධ කාලවලදී අරගලයන්ට එරෙහි මර්දනකාරී කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය යුද උපදේශකයන් සහාය වූ අවස්ථා සම්බන්ධවද කරුණු අනාවරණය වී ඇත.