“අයිතිය උදෙසා කලාව” – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන්

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියාතික කලාපයේ සංවිධායකත්වයෙන් හා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රාහකත්වයෙන් Art for Rights තේමාව යටතේ කලා උළෙලක් පැවැත්වේ.

දෙසැම්බර් 5-9 දක්වා දින පහක් කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම උළෙලට කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට තිරගත කිරීම්, විවිධ  කලා නිර්මාණ, ඡායාරූප ප්‍රදර්ශන, නර්ථන අංග, සංගීතමය නිර්මාණ ආදිය මෙම ඇතුළත්ය. එසේම ලංකාවේ සහ දකුණු ආසියාතික වෙනත් රටවලින් පැමිණෙන කලාකරුවන් සිය නිර්මාණ මෙහි ඉදිරිපත් කිරීමට නියමිතයි.

පකිස්තානයේ Salam, ඇෆ්ගනිස්තානයෙන් A Letter to the President, බංග්ලාදේශයේ Under Construction, ඉන්දියාවේ Court සහ නේපාලයේ White sun යන චිත්‍රපට මෙම උළෙලේදී තිරගත කෙරේ. ඊට අමතරව ලංකාවේ කලාකරුවන් වන කුමාරි කුමාරගමගේ, ගයත්‍රී කේමදාස, වෙනුරි පෙරේරා, පතිතවන් කදිරේසන්, ප්‍රියංකර රත්නායක, ජෙයශන්කර් ශිවඥානම්, රන්ජන් ප්‍රනාන්දු, මොහොමඩ් සෆීර්, රෝයි රුද්‍රිගෝ, යන ය මෙම උළෙලේ සිය නිර්මාණ ඉදිරිපත් කරති.

මෙම කලා උළෙලට සහභාගි වන විදෙස් කලාකරුවන් ලෙස Ali Aftab කණ්ඩායම පකිස්තානයෙන්, ඇෆ්ගනිස්තානයෙන් Artloards, නේපාලයෙන් Urmila Chaudhari, මාලදිවයිනේ Dhahua Naseem, සහ ශහිදුල් අලාම්ගේ  ඡායාරූප ප්‍රදර්ශනයක්ද මෙම කලාඋළෙලට ඇතුළත්ය.

Chandana Sirimalwatte :