ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරියගේ කෘතියක් ලෙස ‘නාදුනන තුවක්කුකරුවාගේ කතාව‘ අප්‍රේල් මස 23 වැනිදා සවස 3.30ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.
මෙම අවස්ථාවේ ‘බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?‘ මැයෙන් ආරාධිත දේශණය සිදුකරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයකුව දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලයනල් බෝපගේ විසිනි. සභාව මෙහෙයවීම ප්‍රසාදි නිමන්තිකා විසින් සිදුකරන අතර සංවාද ප්‍රවේශය ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් විසිනි.
මෙම විශේෂ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික නිදහස් පෙරමුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනිි ජවිපෙන් වෙන් ගිය දේශපාලන කණ්ඩායම් සදහා විශේෂයෙන් ආරාධනා කළ බව සංවිධායකයෝ පවසති.
‘නාදුනන තුවක්කුකරුවාගේ කතාව‘ සුරස ප්‍රකාශනයකි.