Posted on 09.06.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිම ගැන සලකා බැලීමට සූදානම් බව සිංගප්පූරු රජය සදහන් කර තිබේ.
පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් වන ලිපි ලේඛන ලබුනු පසු තම රටේ නීතියට අනුව කටයුතු කරන බව සිංගප්පූරු විදේශ අමාත්‍යංශය සදහන් කරයි.
අදාල ලියකියවිල් ලබා දෙන්නැයි ඉකුත් ජනවාරි මාසයේ සිට අවස්ථා කිහිපයකදී ඉල්ලුවද මෙතෙක් ඒවා නොලද බවද ඔවුන් කියා සිටී.
මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ලියවිලි නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඒවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ. එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බව වාර්තා විය.
මේ අතර සිංගප්පූරු නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි ජේෂ්ඨ නීතිවේදියෙකු වන ප්‍රතිභා මහානාමහේවා පවසා තිබේ.
මූලික මිනිස් අයිතිවාසිකම් කෙරෙහි සිංගප්පූරු නීතියෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඊට හේතුව යැයි ද යම් හෙයකින් එවැනි අවස්ථාවක් ලැබුණත් ඊට වසර දෙකකට වැඩි කාලයක් ගතවනු ඇතැයි ද මහානාමහේවා පවසයි.
එසේම මෙරට දේශපාලනඥයන් සිදුකළ විවිධ ප්‍රකාශ හරහා දේශපාලන වර්ගීකරණයක් මත සිදුවන නෛතික කටයුත්තක් හැටියට අර්ථකතනයක් දීමට අර්ජුන් මහේන්ද්‍රන්ට අවස්ථාව උදවිය හැකි බවද ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දී ඇත.