Posted on 09.03.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ(02) බාර දෙන ලදී.
එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බව වාර්තා වේ.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවට තීරණය කර තිබේ.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් විදේශ ගතවූ අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම දිනෙන් දින කල් යමින් පැවතුනි.
ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.
එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ අවශ්‍ය මූලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛන ආදිය නීතීපතිවරයා විසින් සකස් කරන ලදී.
නීතිපතිවරයා විසින් බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරූ රජයට ඉදිරිපත් කර මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට පිටුවහල් කර එවන ලෙස උදර්පන නීතීය යටතේ සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.