ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ 2000කට ආසන්න සියලුම වෙළඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් අද(15) උදෑසන සිට ආරම්භ වී තිබේ.
ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් 13 වන දින සිට “කළු දිනය“ලෙසට නම් කරමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර එහි අවසන් දිනවූ අද දින මෙසේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය සමඟ ප්‍රදේශයේ ජනතාව එක්ව පුත්තලම නගරය පුරා කළු කොඩි ප්‍රදර්ශනය කරමින් ඉදිවෙමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කර වැඩසහටන් කිහිපයක් සංවිධානය කර තිබුණි.
පුත්තලම නගරයේ සහ වාහන වල කළු කොඩි ප්‍රදර්ශණය කර තිබීමද දැක ගත හැකිවිණි.පුත්තලම කලපු තීරයේදී සියලුම ආගමික නායකයින් එක්ව ජනතාව දැනුවත් කිරීමක්ද සිදුවිණි.
අරුවක්කාඩු කසල අංගනය හේතුවෙන් පුත්තලම කලපුවට සහ අවට පරිසරයට හානි සිදුවන බවත් ඒ හේතුවෙන් මෙම කසල අංගනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානයේ මූලිකත්වයෙන් මෙම විරෝධතා සංවිධානය වී තිබේ.
දෛනිකව කොළඹ නගරයේ එක්රැස් වන කැළි කසළ දුම්රිය මාර්ගය ඔස්සේ අරුවක්කාඩු ප්‍රදේශයට බැහැර කිරීම සඳහා ව්‍යාපෘතියක් ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම කසළ අංගනය ඉදිකිරීම් ආරම්භ කර තිබුණි.