Posted on 09.30.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගියදා බඳවා ගත් නවක විදුහල්පතිවරුන් 1858ක් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
2019-10-02 සිට 2019-01-13 දින දක්වා පැවැත්වෙන මෙම සේවාරම්භක පුහුණුව අදියර හතරකින් ක්‍රියාවට නැංවෙන අතර, ඒ අනුව, පළමු අදියර යටතේ මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පුහුණුව සඳහා ලියාපදිංචි කරගැනීම මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී අධ්‍යාපන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.
මෙම විදුහල්පතිවරුන් කලාප අධ්‍යාපන කාර්යාල තුළ එක් දින පුහුණුවකට ද යොමු කෙරෙන අතර, දෙවැනි අදියරේ දී පළාත් සමායෝජකයින්ගේ සම්බන්ධීකරණයෙන් පාසල් වෙත අනුයුක්ත කර සති 2ක පුහුණුවක් ලබාදීමට ද, තෙවැනි අදියරේ දී පළාත් පුහුණු මධ්‍යස්ථාන තුළ සති දෙකක නේවාසික පුහුණුවක් ලබාදීමට ද, සිවුවැනි අදියරේ දී වැඩ කරන දින හතක නේවාසික නොවන පුහුණුවකට ද මෙම විදුහල්පතිවරුන් යොමු කෙරේ.