Posted on 09.05.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සබරගමුව විශ්ව විද්‍යාලයේ යෝජිත තාක්ෂණ පීඨ සංකීර්ණය කඩිනමින් ලබා දෙන ලෙසට සහ තාක්ෂණ පිඨයේ පවතින සියලුම අධ්‍යන සහ සුබ සාධන ගැටලු වහා විසඳන ලෙසට බල කරමින් එම විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවක් පවත්වා තිබේ. විශ්වවිද්‍යාල උපකුලපති කාර්යාලය අසලට විරෝධතා පුවරු රැගෙන පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධතාවයේ නිරතව ඇත.