Posted on 10.15.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පළාත් පාසල් 8ක් ජාතික පාසල් බවට පත්කර අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගෙන තිබේ.
කුලියාපිටිය සාරානාත් විද්‍යාලය, දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, අම්පාර උහන මහා විද්‍යාලය සහ ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල් ජාතික පාසල් බවට පත් කර ඇත.
පළාත් සභා යටතේ පවතින පාසල් ජාතික පාසල් බවට පත්කිරීමේදී සපුරාලිය යුතු නිර්නායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් ලෙස නම්කළ බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.