Posted on 10.25.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මහ පොළ සහ ශිෂ්යාධාර කප්පාදුවට එරෙහිව අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය විසින් ඊයේ පැවති විරෝධතාවයේදී සිසුන් 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.
80 % නීතියට මුවාවී සිදු කරන මහපොළ – ශිෂ්යාධාර කප්පාදුව නවතනු ! ජිවන වියදමට සරිලන ලෙස මහපොළ – ශිෂ්යාධාර වාරික ඉහළ දමනු ! බදුබර බඩුමිල පහත හෙළනු ! වැටුප් වැඩි කරනු ! මහපොළ – ශිෂ්යාධාර වාරික ලබා දීමේදී සලකා බලන අදායම් සිමාව ඉහළදමනු !මාස ගණන් ප්රමාද කළ මහපොළ ශිෂ්යාධාර වාරික වහා ලබා දෙනු ! මහපොළට සමාන ලෙස ශිෂ්යාධාර වාරික ඉහළ දමනු ! යන සටන් පාඨ යටතේ අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය විසින් පා ගමනක් සහ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් ජල ප්රහාර සහ කඳුළු ගෑස්ද එල්ල කර තිබේ. අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලය පවසන්නේ මහපොළ සහ ශිෂ්යාධාර කප්පාදුවට එරෙහිව මෙන්ම පාලකයන්ගේ මැතිවරණ බල පොරයට ජනතා ප්රශ්න යට කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වූ බවයි.