Posted on 04.10.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සමෘද්ධිලාභීන් අැතුළු අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට අාණ්ඩුව තීරණය කිරීමත් සමග පළාත් සභා මැතිවරණ අාසන්න දැයි ෙබාහෝ ෙදනාගේ අවධානය යොමුව අැත.
මෙම 5000 දීමනාව ලබා දෙනු ලබන්නේ සිංහල-තමිල් අලුත් අවුරුද්ද නිමිත්තෙන් බැවින් ඉදිරි අවුරුදු දිනයන්ට ප්රථම මෙම මුදල ලබාදීමට අාණ්ඩුව කටයුතුකරන බව පවසන නමුත් ෙම් දීමනාව ද ඉදිරි මැතිවරණ වෙනුවෙන් අාණ්ඩුව ෙදන අල්ලසක් යැයි ෙචා්දනා නැෙගමින් තිෙබ්.
පසුගිය වසෙර් කොරෝනා තත්ත්වය මත රටේ ජනතාව පත්ව සිටින අපහසුතාවය වෙනුවෙන් සහන ලබාදීමට ෙකරුණු ඉල්ලීම් වෙනුවට රු. 5000ක් දීම අාණ්ඩුව ගත් පියවරක් වූ අතර මැතිවරණ අල්ලසක් බවට ඒ දීමනාව සම්බන්ධ චෝදනා ඒල්ල විය.
කෙසේවෙතත් සමෘද්ධිලාභී පවුල් 17,00000 කට අමතරව, සමෘද්ධි අපේක්ෂාෙවන් සිටිනවුන්ගේ ලේඛනයේ 7,80,000 ක්, සමෘද්ධි ලබාගැනීමට අභියාචනා කළ පවුල් 7,26,000 ක් ෙමන්ම වැඩි හිටි දීමනා ලබන 6,26,000 ක් , ආබාධිත 1,23,000 ක් , වකුගඩු රෝගීන් 44,400 ක් අාදි වශයෙන් ලක්ෂ 40 කට මෙම දීමනාව ලබා දෙන්නට නියමිතය. මෙබඳු විශාල පිරිසක් වෙනුවෙන් සහන ලබාදීම පවතින අාර්ථික දුෂ්කරතා හමුවේ සහනයකි. නමුත් අාර්ථකය සැලසුම් කරමින් දීර්ඝ කාලයක් සහන අැතිකරන අාර්ථික වර්ධනයක් අැති කරනු වෙනුවට අාණ්ඩුව ණය මත රටේ අාර්ථිකය අවදානමක අැද දමමින් සිටී. මැතිවරණ අාසන්නයේ අාණ්ඩුව විසින් ජනතාව රැවටීම පිණිස විවිධ අල්ලස් ලබාදීමද දීර්ඝකාලයක් දක්නට ලැබෙන තත්වයකි.