Posted on 07.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විරෝධතා මැඩ පැවැත්වීමේ රාජකාරිවලදී පොලිස් නිලධාරින්ට රුපියල් මිලියන 64ක් ගෙවා ඇති බවට පොලිස් දෙපාර්තමේන්තු වාර්තා උඵුටා දක්වමින් ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරයි.
පසුගිය රනිල්-මෛත්‍රි පාලනය සමයේ පැවති විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සඳහා රුපියල් මිලියන 64 ක අතිරේක දීමනාවක්(බටා) ගෙවා ඇති බව වාර්තා වෙයි.
පොලිස් නිලධාරින් යොදවමින් ආණ්ඩුවට විරුද්ධ මත දරණ කණ්ඩායම් හා දේශපාලන ව්‍යාපාරවලට පහරදීම වත්මන් ආණ්ඩුවේ මෙන්ම පසුගිය ආණ්ඩු සියල්ලගේම පිළිවෙත විය. ‘ලංකාදීප’ පුවතට පදනම් වන්නේ පසුගිය ආණ්ඩුවේදී පොලිස් නිලධාරින්ට ගෙවූ මුදලයි. වත්මන් ආණ්ඩුවද විරෝධතා මැඩලීමට පහරදීම් මෙන්ම අනීතික පියවර ගණනාවක් ක්‍රියාත්මක කරන බව පෙනී යයි.
මේ වන විට කාන්තාවන් ඉලක්ක කර පහරදීම, අසභ්‍ය වචනයෙන් බැණ වැදීම මෙන්ම ලිංගික අඩත්තේට්ටම් කිරීමද පොලිස් නිලධාරින්ගේ මර්දන රාජකාරිවලට එක්ව ඇත. මෙම ක්‍රියාමාර්ගවලටද ආණ්ඩුව විසින් රජයේ මුදල් වෙන්කර ඉදිරියේදී ගෙවීම්කරනු ඇත.