Posted on 08.01.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ සොලිසිටර් ජනරාල් වූ දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායකට විරුද්ධ ‘හඩපට’ චෝදනා ඇවන්ගාඩ් අවි ගබඩා ව්‍යාපාරයේ නිශ්ශංක සේනාධිපති විසින් ඇයගේ වැඩ තහනම් කිරීම පිණිස ඇටවූ උගුලක් බව සනාථ වී තිබේ.
2019 සැප්තැම්බර් 25 වැනිදා නීතිපතිවරයා විසින් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරමින් සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම් කරනු ලැබීමට හේතු වී ඇත්තේ 2019 සැප්තැම්බර් 20 වැනිදා රූපවාහිනී නාලිකා මගින් සහ යූටියුබ් නාලිකා මඟින් විකාශය කරන ලද කුප්‍රකට හඬපටයකි.
“නීතිය නවන්නත් කඩන්නත් දන්නවා” වැනි ප්‍රකාශ හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය දූෂිත තැනැත්තියක බව පෙන්වීමට ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති විසින් ප්‍රසිද්ධ කර තිබූ ආන්දෝලනාත්මක හඬපටය, ඇත්ත වශයෙන්ම වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ දුරකථනය හරහා වංචනිකව සංවාදයකට කැඳවා සකස්කරගත් සංවාදයක් බව සාක්ෂි ලෙස අනාවරණය වී ඇත. සත්‍ය දුරකථන සංවාදයෙන් කොටස් ගෙන සංස්කරණය කළ බවත් දිල්රුක්ෂි ඩයස්ට චෝදනා නැගීම පිණිස සේනාධිපති විසින්ම මෙය සැලසුම් සහගතව සිදුකර ඇති බවද දැන් සනාථ වී තිබේ.
මෙම හඩපටය ප්‍රසිද්ධ කිරීමෙන් පසු නීතිපති දෙපාර්ථමෙන්තුවෙන් රැකියාවෙන් වැඩ තහනම් කරනු ලැබූ දිල්රුක්ෂි ඩයස්, මාස ගණනක් කිසිදු වැටුපක් කිසිදු වැටුපක් නැතිව සිටි බවද වෘත්තිය ජීවිතයෙන් විශ්‍රාම යන තෙක් ඇයගේ අසාධාරණය සම්බන්ධ විසඳුමක් නොලැබීමේ අයිතිවාසිකම් උල්ලංඝනයක් වී ඇතැයිද අනාවරණය වී ඇත.
දුරකථන සංවාදයක් සැලසුම් සහගතව පටිගත කරන ලද අවස්ථාව වන විට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම විසින් නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව නඩු පවරා තිබුණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වූ පසුව, සේනාධිපති චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී. ඔහු විසින් නෞකාවන්ට ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරික කටයුතු කළ ඇවන්ඩ්ගාඩ් සමාගමට යළි ඒ කටයුත්ත භාර දීමට ආණ්ඩුව තිරණය කර ඇතැයි පළ විය.
හඬපට අනාවරණය වීමෙන් රාජකාරිමය කටයුතු විෂමාචාර චෝදනා යටතේ වැඩතහනම් කිරීමට එරෙහිව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, නීතිපති දෙපාර්තමේන්තුවේ යළි සේවයේ පිහිටුවීමට නියෝගකර ඇතත් නියමිත සේවාකාලයෙන් පසුව විශ්‍රාම යාම ජූලි මසදී සිදුවිය යුතු බැවින් විශ්‍රාම යාමට ඇය තීරණයකර ඇත. තමන්ගේ කීර්තිනාමයට සිදු කළ හානිය වෙනුවෙන් හිටපු සොලිසිටර් ජනරාල් විසින් නිශ්ශංක සේනාධිපතිගෙන් බිලියන 2ක වන්දි ඉල්ලා නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.