Posted on 08.22.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙන එන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත (QAAC) පරාජය කිරීම පිණිස සංවිධාන ගණනාවක විරෝධය ඊයේ(21) සවස 3.00 ට මරදාන සී.එස්.ආර් ශාලාවේදී සටහන් විය.
වර්තමාන ආණ්ඩුව විසින් නැවත වටයකින් පෞද්ගලික විශ්ව විද්‍යාලයන් නීතිගත කිරීමේ අවශ්‍යතාව ඉටු කිරීමේ උවමනාව මත යෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රනීතනය කිරීමේ පනතට විරෝධය දක්වාමින් ජනාධිපතිවරයාට භාරදීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද විරෝධතා ප්‍රකාශයකට අත්සන් තැබීම එහිදී සිදු කරන ලදී. මෙම පනත පරාජය කිරීමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් සාමාජිකයෝ රැසක් සහාය පොළ කරමින් අදාළ ප්‍රකාශයට අත්සන් තැබීමට එක්ව සිටියහ.
QAAC පනත නීති ගත වූවහොත් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට මෙතෙක් තිබූ නීතිමය බාධා ඉවත්වීම, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් වීම සිදුවන්නට නියමිත බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය පැවසීය. එවිට සමස්ථ අධ්‍යාපනයේම ගුණාත්මකභාවය පිරිහීමක්, පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල සම මට්ටමේ තබා ශ්‍රේණි ගත කිරීමේ වැඩ පිළිවෙලක් හරහා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වීමක් සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල වෙත පවතින සාපේක්ෂ ස්වාධීනත්වයක් අහිමි කොට සම්පූර්ණ දේශපාලන අධිකාරියක් යටතට පත් කෙරෙන ‘තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන කොමිසම‘ යනුවෙන් නව ව්‍යූහයක් සකස් කිරීම නිසා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය ද අහෝසි වී යාමට නියමිත බවද අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු අවධාරණය කර සිටියේ. ඒ සමගම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, හෙද සභාව, ඉංජිනේරු ආයතනය, වාස්තු විද්‍යා සභාව වැනි වෘත්තීය සභාවන්ට සිය වෘත්තීන්ගේ ගුණාත්මක පැවැත්ම සඳහා මැදිහත්වීමට ඇති බලය අහෝසි වී යාම, දේශීය විදේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කිසිදු පාලනයකින් තොරව ලංකාවේ ක්‍රියාත්මක විය හැකියාව ඇති වීම ඇතුළු බලපෑම් ගණනාවක් සිදුවීම නිසා අධ්‍යාපන ක්ෂේත්රයටම දැඩි අර්බුදයකට ලක් වන බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අවධාරණය කරණ ලදී.
ඒ අනූව නිදහස් අධ්‍යාපනය රැක ගැනීම උදෙසා අතීතයේ සිට දැවැන්ත කැප කිරීමක් කල ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස මෙම පනත පරාජයට ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර ප්‍රකාශ කළේය.
මෙහිදී විරෝධය පළ කිරීමේ එකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් මෙසේය.