Posted on 05.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මත්ද්‍රව්‍ය ජාවාරම් වරදකරු ඝාතන උත්සාහයක් ගැන අධිකරණයේ අවධානය!
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වරදකරුවකුව අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින ‘වෙළේ සුදා’ නොහොත් සමන්ත කුමාර නැමැත්තා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත්ව ඇත.
මේ චෝදනාව සහිත පෙත්සමක් හේතුවෙන්, මෙම සිරකරුවා ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය.
පසුගිය දිනයක මෙවැනි මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධකරුවන් ලෙස සැළකෙන් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් වෙඩි පහරට හසුව මරණයට පත් වූහ. මෙම මරණ චූදිතයන් ඝාතනය කර සාක්ෂි වසන් කිරීමේ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමක් බවට චෝදනා එල්ල වී ඇත. මින් පෙරද අවස්ථා ගණනාවකදී සැකකරුවන් ආයුධ පෙන්වීඹට ගෙන ගොස් ඇත්තේ රාත්‍රි කාලයේදී වන අතර පසුව ඔවුන් මාංචු පිටින් පැන යාමට තැත් කිරීමෙන් හෝ පොලිසියට වෙඩි හෝ බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමෙන් හදිසියේ වෙඩි තබා මරාදමන ලද බව පොලිසිය ප්‍රකාශකර ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මේ ආකාරයෙන් සැකකරුවන් තිස් ගණනක් පොලිසිය විසින් ඝාතනය කෙරුණු බවට අනාවරණය විය. එවකට ආරක්ෂක ලෙකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ සම්බන්ධ නිසි පියවර නොගත් බවටද අධිකරණය හා පොලිසිය මේ තත්වයට වගකිව යුතු බවටද චෝදනා නැගුණි.
අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති සමන්ත කුමාරගේ මව විසින් ප්‍රකාශකර ඇත්තේ හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සිය පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට පත්කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසය. සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා නැමැත්තා ගේ මව ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.