Posted on 06.21.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ඉතාලියේ ප්‍රවාහන ක්ෂේත්රයේ වැඩවර්ජනයකට සමාන්තරව පැවති කම්කරු විරෝධතාවකදී කම්කරු නායකයකු ට්‍රක් රථයකට යටකර මරා දමා ඇති බව වාර්තා වේ.
2021 ජුනි 18 දින Biandrate හි lidl හිදී භාණ්ඩ US Fedex ප්‍රවාහන සේවා කම්කරු වැඩ වර්ජනයට සහභාගි වූ කම්කරුවන් විසින් විරෝධතාවක් කැඳවා තිබුණි. සමාගමේ හිමිකරුවන්ගේ අනුදැනුම මත පොලිසියේ හා වෙනත් නිලනොවන කණ්ඩායම්වල බාධා කිරීම් මෙම උද්ඝෝෂණය අවස්ථාවේ සිදුවී ඇත. එහිදී හදිසියේ උද්ඝෝෂණයේ යෙදී සිටි කම්කරුවන් දෙදෙනෙකු අනතුරට ලක් කරමින් ට්‍රක් රථයක් ගමන් කර ඇත. ඒ අවස්ථාවේ කම්කරු සම්බන්ධීකාරකයකු ලෙස කටයුතු කරන ආදිල් බෙලක්ඩිම් නමැති මෙම කම්කරු ක්‍රියාකාරිකයා එම ස්ථානයේම මරණයට පත්වී ඇති අතර තවත් දෙදෙනකු බරපතල තුවාල ලැබ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අනතුර හදිසි අනතුරක් ලෙස ආයතනයේ ඉහළ නිලධාරීන් හා ආණ්ඩුවේ බලධාරීන් අර්ථ ගැන්වීමට උත්සාහ කළද මෙය කම්කරුවන්ගේ අරගලය මර්දනය කිරීම පිණිස සිතාමතා සිදුකළ මිනිස් ඝාතනයක් බව කම්කරුවෝ පවසති.
මින් පෙර අවස්ථා ගණනාවකදීම ඉතාලිය තුල විවිධ පළාත්වල කම්කරුවන්ගේ අරගල මර්ධනය කිරීමට සටන්කාමී කම්කරු නායකයන් ඉලක්ක කර සිදුකළ අනතුරු වාර්තාවී ඇත.
මේ වනවිට ඉතාලිය තුල විශේෂයෙන් මිලානෝ නගරය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන සංවිධානාත්මක කම්කරු අරගල මැඩලීමට පොලිසිය යොදවමින් සිටී. එසේම සේවකයන් බලහත්කාරයෙන් සේවයට යොදවන US Fedex වැනි බහුජාතික සමාගම්වල මැර ක්‍රියාවලට ආණ්ඩුවෙන් අනුග්‍රහය හා ආරක්ෂාව සපයමින් තිබෙන බව කම්කරුවෝ චෝදනා කරති.