தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ඇමතිකම් ප්‍රශ්නය නිසා අගමැති ඇතුලු පිරිසක් ජනාධිපති හමුවෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිකම් ප්‍රශ්නය නිසා අගමැති ඇතුලු පිරිසක් ජනාධිපති හමුවෙති!



නව අැමතිමණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආරවුල් සහගත තත්වය විසදාගැනීමේ අරමුණින් අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ(20) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ.

ඊයේ රාත්‍රි 8.00ට ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ආරම්භ වී පැයකට ආසන්න කාලයක් පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් ද සහභාගී වූ බවට වාර්තා පළ වී ඇත. එ.ජා.ප. විසින් නම් කළ සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන් 4 දෙනකුට ඇමතිධුර ලබා නොදීමට අදාළ කරුණු එහිදී සාකච්ඡා කර ඇත.