කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 පසුකර යෑමට උත්සාහ කළහොත් ආණ්ඩුවට එරෙහිව අධිකරණයට යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.
අමාත්‍ය ධුර ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩු පක්ෂයත් සමඟ එකතුවූ පිරිසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවිඩයක් දුන් බවත් ඔහු පවසා ඇත.
රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ ද්විත්ව පුරවැසිභාවය ගැන තොරතුරු ද අනාවරණය කර ගෙන ඇති බැවින් එම කරුණු මුල් කරගෙනද අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවයි.