Posted on 03.29.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
අනිකුත් රටවල් විසින් කියුබාවේ වෛද්‍ය සහය ලබාගැනීම නවතා දැමිය යුතු බවට ඇමරිකාව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කියුබාව ප්‍රතිචාර දක්වා තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කර තිබුනේ කියුබාව මෙම වෛද්‍යවරුන් මගින් මුදල් උපයා ගැනීමේ නිරතව සිටින බවත් මෙම වෛද්‍යවරුන් සූරා කෑමට ලක් කරන බවයි.
නමුත් කියුබාව සඳහන් කරන්නේ බොහොමයක් රටවල් සඳහා ඔවුන් තම වෛද්‍යවරුන්ගේ සහය ලබාදෙන්නේ කිසිදු මුදල් අයකිරීමකින් තොරව සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා බවයි. එසේම සමහරක් රටවල් ඔවුන්ගේ සේවය සඳහා ගෙවීමක් කරන බවද කියුබාව සඳහන් කරයි. එම මුදල් කියුබානු වෛද්‍යවරුන්ගේ වැටුප් සඳහාත් වැඩි කොටස කියුබානු සෞඛ්‍ය සේවය සංවර්ධනය කිරීම සඳහාත් යොදවන බව කියුබානු රජය සඳහන් කරයි.
එසේම ට්‍රම්ප් පාලනය කියුබාව කෙරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය වී ඇත්තේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙසෙන කියුබානු – ඇමරිකන් ජාතිකයන්ගේ ඡන්දය අපේක්ෂාවෙන් බව කියුබාව සඳහන් කරයි.
අවසන් වශයෙන් කියුබානු රජය සඳහන් කර ඇත්තේ ට්‍රම්ප් පසුගිය සතියේ උතුරු කොරියාවට කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ආධාර ලබාදීමට පොරොන්දු වුවත් වයිරසය මැඩලීමට උපරිම දායකත්වයක් දක්වන කියුබාවට එවැනි සහයක් ලැබෙන්නේ නැති බවයි.