Posted on 04.06.2020 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
ඉතාලියේ ලොම්බාර්දි පළාතට යවනු ලැබූ පනස් දෙදෙනෙකුගෙන් සමන්විත කියුබානු වෛද්‍ය කණ්ඩායම සාර්ථකව තම ප්‍රතිකාර කටයුතු සිදුකරන බව වාර්තා වේ. මේ වනවිට එම වෛද්‍ය කණ්ඩායමෙන් ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් තුනෙන් එකක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
මෙම වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වන කාලෝස් ඩයස් ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම ප්‍රතිකාර කළ රෝගීන් 36දෙනෙකුගෙන් 12දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇති බවයි.
එසේම කියුබානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි වෛද්‍ය කණ්ඩායම ඉතාලිය වෙත ගිය මාර්තු 26වනදා සිට අප්‍රේල් 3වනදා වනවිට රෝගීන් 428කට ප්‍රතිකාර කර ඇති අතර ඉන් දැඩි සත්කාර ඒකක වෙත යැවීමට සිදුව ඇත්තේ රෝගීන් 5දෙනෙකු පමණි. එසේම ඒ අතරින් මියගොස් ඇත්තේ එක් රෝගියෙකු පමණි.