විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය පොලිසියට පාවාදෙමින් ඒක්සත් ජනපදයේ නීතිමය කටයුතුවලට හසුකරලීමට අවස්ථාව සළසා දෙමින් ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරෙනෝ සිදුකර ඇත්තේ නින්දිත පළිගැනීමක් බව අනාවරණය වේ.
ඉක්වදෝර් ජනාධිපති මොරෙනෝ, පසුගිය ඒක්සත් ජනපද ජනාධිපතිවරණයට පසුව ට්‍රම්ප් පාලනයට සහාය පළ කරමින් කටයුතු කර ඇත. හිටපු ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරයා විසින් අනුගමනය කළ ඒක්සත් ජනපදයට ගැති නොවන පාලනය වෙනුවට අධිරාජ්‍ය ගැත්තකු බවට පත් වෙමින් ඔහු ලතින් අමෙරිකානු රාජ්‍යයන් සමග සිටි ALBA බැංකුවෙන් ඉවත් විය. රෆායල් කොරයා සිදුකළ දේශපාලන ප්‍රතිසංස්කරණ ආපස්සට හරවමින් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර ම්‍යු අරමුදලේ සැලසුම් රටතුළ ක්‍රියාවට නගමින් අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට රටතුළ නිදහසේ සැරිසැරීමට අවස්ථාව මොරෙනෝ විසින් සකස් කරමින් සිටී.
මේ අතර ඉක්වදෝර් ජනාධිපති මොරෙනෝ සම්බන්ධ වංචාදූෂණ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරනය වීමත් සමග ඒය විකිලීක්ස් හරහා ජූලියන් අසාන්ජ් කළ අනාවරණයක් බවට ඔහු විසින් චෝදනා කර තිබිණි. ඒහෙයින් ඉක්වදෝර තානාපති කාර්යාලයේ වාසය කරමින් ජූලියන් රැකවරණ සැලසීමේ කොන්දේසි කඩකරන ලද බවද ජනාධිපතිවරයා පවසා සිටියේය. මේ අනුව පසුගිය 11 වැනිදා බ්‍රිතාන්‍ය පොලිසියට ජූලියන් අසාන්ජ් පැහැරගෙන යන්නට හැකිවන ලෙස තානාපති කාර්යාලයේ රැකවරණ අහෝසි කිරීමෙන් ඉක්වදෝර ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ තම වංචා දූෂණ හෙළිකිරීම සම්බන්ධ පළිගැනීමකි.