Posted on 07.09.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු දේශපාලන තීරණයක් ලෙස නොවන බව කියන මහජන ආරක්ෂක රාජ්ය ඇමති සරත් වීරසේකර, කෙසේවෙතත් ඉදිරියටත් එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව පවසයි.
උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත් එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ඔහු පවසන්නේ බැසිල් රාජපක්ෂ ඇමතිධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ පොදුජන පෙරමුණු ආධාරකරුවන් රටපුරා නගර ගණනාවක ඒකරාශි වී උත්සව පැවැත්වීම සිදුකළද එවැනි අවස්ථාවල ඔහු කියන නීතිය ක්රියාත්මක නොවූ පසුබිමකය.
ඊයේ (08) දින කොතලාවල පනතට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර නිරෝධායන නීති කඩකළ බව පවසමින් අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන් පොලිසිය භාර ඇමතිවරයාගෙන් මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ නැගූ ප්රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.