Posted on 08.13.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට තවත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද දින තලංගම පොලීසිය විසින් මෙළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රජරට විශ්ව විද්‍යාලයේ හේෂාන් හර්ෂණ නැමති සිසුවෙකි.
කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනකු සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත්කොට ඇත.