Posted on 02.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවයි. එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක හුවමාරු ණය මුදලක් ලබා ගන්නා ලදී.
මුදල් පියවීම සඳහා ඉන්දියාව වැඩි කාලයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කළද, මේ සතිය මුලදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පිළිබඳ වූ ගිවිසුම අවසන් වීමෙන් පසු ඉන්දියාව ද එම ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමෙන් වැළකී සිටින බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.