Posted on 03.07.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 නොවැම්බර් මස අවසානය වන විට රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,817.7 ක් ලෙස සඳහන් වේ. ඒ අතරින් රු. බිලියන 6,393.7 ක් විදෙස් ණය ලෙස සටහන්ව තිබේ.
පසුගිය 04 වනදා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දොපර්තමේන්තුවේ අධිකාරී, ආචාර්ය එම්. ඉසෙඩ්. එම්. ආසිම් අනාවරණය කළේ මීළගට ගෙවීමට ඇති විශාලතම තනි ණයවාරිකය ගෙවීමට ඇති දිනය 2021 ජූලි 27 දිනය බවය.
එහිදී එම්. ඉසෙඩ්. එම්. ආසිම් මාධ්‍යය වෙත අදහස් දක්වමින් “ණය වාරික ගෙවීම් නිරන්තරයෙන් සිදුවෙනවා. මූල්‍ය වර්ෂය පුරාවට විවිධ කාලප්‍රාන්තර යටතේ ණය වාරික ගෙවීම සිදුවෙනවා. මීළඟට විදේශ ණය සම්බන්ධයෙන් විශාලම වාරිකය ගෙවීමට ඇති දිනය ලෙසින් 2021 ජූලි 27 හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් එදිනට කල්පිරෙනවා. එය ඩොලර් බිලියන 1 ක වටිනාකමකින් යුක්තයි.“ යනුවෙන් පැවසීය.