Posted on 01.26.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට ලංකාවේ විනිමය අනුපාතය පහත වැටී රුපියල බාල්දු වීම නිසා ඩොලරයේ වටිනාකම රුපියල් 200 ඉක්මවා ගොස් තිබේ.
රුපියල ඇදවැටීම වැළකීම පිණිස යැයි කියමින්, විදේශ සංචිතය ඉහළ දැමීමට ‘සංවර්ධන බැඳුම්කර’ අලෙවි කර ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට මහ බැංකුව ගත් උත්සාහයද වසංගත තත්වය මත සපුරා ගැනීමට නොහැකි වී ඇත.
මෙම බැඳුම්කර අලෙවිය ජනවාරි 15 වෙනිදා ආරම්භ කරණ ලද නමුත්, බැඳුම්කර වෙනුවෙන් ඩොලර් මිලියන 40ක් සඳහා පමණක් ඉල්ලුම්කරුවන් ඉදිරිපත්ව ඇත.
මෙම බැඳුම්කර සඳහා විදේශීය පුරවැසියන් සහ අනේවාසික ශ්‍රී ලාංකිකයන් මෙන්ම ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන් හටද අවස්ථාව සළසා තිබේ.
කෙසේවෙතත්, සංවර්ධන බැඳුම්කර ලබා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ අවම පිරිසක් වී තිබීමට හේතුවක්ව ඇත්තේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇති බිඳවැටුණු විශ්වාසය බව අනාවරණය වේ. ඉන්පසු සුලු සුලු වෙනස්කම් සිදු වුවද අධික විදේශ ණය හේතුවෙන්, පසුගිය වසරේ පිළිගත් ජාත්‍යන්තර මුල්‍ය දර්ශක අනුව ලංකාව අර්බුදකාරී තත්වයකට ඇද වැටුණි.
මෙරට කොටස් වෙළඳපළ පුම්බා දමන පිරිසක් බලයට පත්ව සිටියදී වෙනත් විකල්ප සෙවීම සරල නොවන බව කොටස් වෙළඳපොළ සම්බන්ධ ප්රවීනත්වයක් ඇති විශ්ලේෂකයන් විසින් පවසා ඇත.