Posted on 06.15.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක (රු කෝටි 8000ක) හුවමාරු ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව මහ බැංකුව පවසා තිබේ.
මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පවසන්නේ සාර්ක් රටවල් සඳහා ලබාගත හැකි SWAP ගනුදෙනුවට 2020 වසරේදී ශ්‍රී ලංකාව අත්සන් කරන ලද බවත් එය එක්වරක් ආපසු ගෙවීමෙන් පසු 2021 දී නැවත ආපසු ලබාගත හැකි බවයි.
මුලින් ලබාගත් ණය මුදල මේ වසරේ පෙබරවාරි මාසයේ ගෙවා තිබේ. එබැවින් ඊළඟ ණය මුදල ම වසරේ අගෝස්තු මාසයේ ලබාගත හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.
බංගලාදේශ මහ බැංකුව විසින් ලංකාව වෙනුවෙන් අනුමත කර ඇති SWAP ණය මුදල පිලිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ අවශ්‍යතා කිහිපයක් සපුරාලීමත් සමඟ එම ක්‍රියාවලිය වේගයෙන් ඉදිරියට යනු ඇති බවයි.