Posted on 05.28.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් අවදානම නිසා පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබාදී තිබූ ණය සහන කාලය දීර්ඝ කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වෙත දැනුම් දී ඇත.
ඒ අනුව පසුගිය මැයි 15තෙක් නිකුත් කර තිබූ ණය සහන කාලය අගෝස්තු 31 දක්වා නැවත සකසන ලෙසට මහ බැංකුව දැනුම් දී තිබේ.
මේ වනවිට ඊට අදාළ නියමයන් බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබේ.