ඉන්දිය ගුවන් ප්‍රහාරක යානා පාකිස්ථානයෙන් වෙඩිතබා බිම දමයි

ඉන්දිය හමුදා පාකිස්ථාන දේශසීමා උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩත්වය ආරම්භ කළ නිසා පිළිතුරු වශයෙන් කටයුතු කිරීමට සිදුව ඇති බව පාකිස්ථාන විදේශ ඇමති පවසයි.

ඉන්දියාව විසින් පකිස්තානයේ ත්‍රස්ත කඳවුරුවලට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරුදීමේ අයිතිය ඉස්ලාමාබාද් පාලනය සතුව ඇතැයි පකිස්තාන විදේශ ඇමති ෂා මෙහොමඩ් ක්රේෂි පවසයි. පාකිස්ථාන විදේශ ඇමති ඊයේ (26) විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති හදිසි රැස්වීමක් අවසානයේ මාධ්‍ය අමතමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

“ඉන්දියාව විසින් අද ප්‍රථමයෙන් ප්‍රචණ්ඩත්වය ඇරඹුවා. මෙය සීමාව උල්ලංඝණය කිරීමක්, සිය ආත්මාරක්ෂාව පතා පකිස්ථානයට මීට ප්‍රතික්‍රියා දැක්වීමේ අයිතිවාසිකම තිබෙනවා” යැයි විදේශ අමාත්‍යවරයා අ පැවසීය. මේ අතර උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් විසින් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

 

 

Chandana Sirimalwatte :