ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක්, සුනාමි අනතුරු අගවයි

ඊයේ ඉන්දුනීසියාවේ සුලවාසි දුපත ආසන්නයේ සිදුවූ භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයෝ 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

සුනාමි රළ පහර මීටර් දෙකක් පමණ ඉහළ ගොස් ඇති බවත් පාලු වෙරළ අවට දූපත්වල ජනතාවට ඒ පිළිබදව දැඩි අවධානමෙන් සිටින ලෙස දන්වා හදිසි අනතුරු අගවීම් නිවේදනය කර ඇත.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිට්ටාමාපකයේ 7.5 ක්ව පැවැති බව එ.ජනපදයේ භූවිද්‍යා සමීක්ෂන ආයතනය නිවේදනය කර තිබේ.

තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර නිවාස හා දේපළ විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර විදුලිය හා ජල සැපයුම් නතරව ඇති බවද වාර්තාවේ.

මීට සති කිහිපයකටද පෙර ප්‍රබල භූමිකම්පාවකින් සිය ගණනක් මියගිය අතර එය බාලිදූපත ආශ්‍රිතව සිදුව තිබුනි.

Madanayaka :