தமிழ்
English
Contact
Wednesday 23rd February 2022    
ඉන්ධන පිරවුම්හල් පරික්ෂාවට පොලීසිය යොදවනවා - දිලුම් අමුණුගම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන පිරවුම්හල් පරික්ෂාවට පොලීසිය යොදවනවා – දිලුම් අමුණුගම



ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ සැබෑ ලෙසම ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නැද්ද? නැත්නම් මිල වැඩි කිරීමක් බලාපොරොත්තුවෙන් ඉන්ධන නොමැති ලෙස හැසිරෙනවාද යන්න පිළිබඳ පරීක්ෂා කරන බවයි.

ඊයේ දිනයේද පිරවුම් අසල පෝලිම් තිබුණ අතර එම සියලු දෙනාටම ඉන්ධන නිකුත් කර ඇති තත්ත්වයක ඉන්ධන හිඟයක් දැනට නොමැති බව කිව හැකි බව දිලුම් අමුණුගම පවසයි.