Posted on 12.27.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසූ බව සඳහන් කරමින් එම පුවත්පත ඒ බව වාර්තා කර තිබේ.
“අපි මාස 16ක් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ. දැන් ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ළඟා වෙමින් ඉන්නේ. අපි ඉන්දියාවත් එක්ක අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් උදය ගම්මන්පිළ පවසා ඇත.
ජනවාරි මාසයේ ඉන්දියාව විසින් ලංකාවට ලබාදීමට නියමිත ණය පැකේජය වෙනුවෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට ලංකා ආණ්ඩුව එකඟ වී ඇති බව මිට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.