Posted on 01.14.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඩීසල් නොමැතිව අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක සඳහා අද(14) උදෑසන ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ඇන්ඩෲ නවමනි සඳහන් කර ඇත්තේ එම ඉන්ධන ලැබීමත් සමඟ අදාළ බලාගාර යළි පණගැන්විය හැකි බව ය.
පද්ධතියට සම්බන්ධ වෙනත් බලාගාර, යම් ප්‍රශ්නගත තත්ත්වයකට පත් නොවුණහොත් යළිත් විදුලි සැපයුම යථාවත් කළ හැකිබවයි.
එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණක් බව ඇන්ඩෲ නවමනි සඳහන් කර තිබේ.
ඒ අනුව තවත් ඉන්ධන තොග කඩිනමින් එම බලාගාර සංකීර්ණය වෙත ලබා දිය යුතුව ඇතැයි පැවසේ.
කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් ඩීසල් නොමැතිව ඊයේ (13) දහවල් අක්‍රිය කිරීමට සිදුවීමත් සමග ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය.
එම බලගාර දෙක අක්‍රීය වීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 300 ක්.
මේ අතර මෙරට ජල විදුලි ජනනය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 30 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.