Posted on 05.24.2022 by Sajith Saranga in ප්‍රධාන පුවත with 0 Comments
සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිළ ගණන් යළිත් වරක් ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැන්වීමට ඛණිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 83/-කින්ද ඔක්ටේන් 95 වර්ගයක පෙට්‍රල් ලීටරයක් රුපියල් 77/-කින්ද ඉහළ දමා ඇත.එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111/-කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116/-කින්ද ඉහළ දමා ඇත. ඒ අනුව නව ඉන්ධන මිළ ගණන් පහත පරිදි වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 420/- (සංශෝධන ගාස්තුව රු. 82.00)
ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 450/- (සංශෝධන ගාස්තුව රු. 77.00)
ඔටෝ ඩීසල් – රුපියල් 400/- (සංශෝධන ගාස්තුව රු. 111.00)
සුපිරි ඩීසල් – රුපියල් 445/- (සංශෝධන ගාස්තුව රු. 116.00)
අවසන් වරට ඉන්ධන මිළ ඉහළ දැමූයේ පසුගිය අප්‍රේල් මස 19 වැනිදා ය.