ඉරානයේ ඔත්තු බැලූ විශාල පිරිසක් අත්අඩංගුවට

ඉරානයේ ඔත්තු බැලු විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බව ඉරාන බුද්ධ අංශ බාර අමාත්‍ය මොහොමඩ් අලාවි ප්‍රකාශ කර ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ විවිධ අංශයන්හි සේවය කරමින් සිට විවිධ බටහිර ඔත්තුසේවාවන් සදහා මේ පිරිස කලක සිට ඉරානයේ අභ්‍යන්තර තොරතුරු ලබා දීමට දායකවී ඇති බවද අලාවි හෙළිකර ඇත.

වසරක පමණ කලක සිට කරන ලද ලුහුබැදීම්වලින් පසුව මෙම පිරිස කොටු කර ගැනීමට ඉරාන බුද්ධි අංශ සමත්වූ බවත් ඊට අමතරව අවස්ථා කිහිපයකදී මහජනයා ගැවසෙන විවිධ පොදු ස්ථාන කිහිපයක් ඉලක්කර බෝම්බ තැබීමට සුලසුම් කිරීම් වැනි කඩා කප්පල්කාරී ක්‍රියා ගණනාවක්ද ව්‍යර්ථ කිරීමට ඉරාන බුද්ධි අංශ සමත්වූ බව ඔහු අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරති.

විශේෂයෙන් සී.අයි.ඒ සංවිධානයට හා මොසාඩ් ඔත්තුසේවා සදහා මේ අයගෙන් වැඩි පිරිසක් ඔත්තු සපයා ඇති බවට අනාවරණයවීමේ පසුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අනාවරණය කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර ද්විත්ව පුරවැසියන් පිරිසක්ද සිටින බව හෙළි කර තිබේ.

Madanayaka :