ඉරානයේ හමුදා ආචාර පෙළපාලියකට වෙඩි තබති

ඉරානයේ ආවාස් නගරයේ පැවැති ඉස්ලාමීය විප්ලවීය හමුදා ආචාර පෙළපාලියකට වෙඩි තැබීමෙන් 25 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ සිදුව ඇති මෙම සිදුවීමෙන් කුඩා ළමයින් ජන මධ්‍යවේදීන්, හා තවත් සිවිල් වැසියන් ගණනාවක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා අති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරති.

ඉරානයේ වයඹ දිග ප්‍රදෙශයේ ඊයේ පැවැති මෙම හමුදා ආචාර පෙළපාලය පැවැත්වෙන විට සන්නද්ධ කණ්ඩායමක් විසින් සිවින් එක දිගට වෙඩි තැබීමෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තාවේ.

අයි.එස්. ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම හා තවත් ඉරාන රාජ්‍ය විරෝධී කණ්ඩායක් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙන බව වාර්තාවේ.

ෂීයා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානයයේ අවස්ථා ගණනාවකදීම ඊශ්‍රායෙල් බුද්ධි අංශ විසින් සුන්නි මුසලිම් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් යොදවා විවිධ ප්‍රහාරයන් සිදුකරනු ලබයි.

මෙම ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍ය, නෙදර්ලන්ත, ඩෙන්මාර්ක් යන රටවල තානාපතිවරු ඉරාන විදෙස් අමාත්‍යාංශයට කැදවා ඇති බවද වාර්තාවේ.

Madanayaka :