Posted on 11.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජින්තුපිටිය ප්‍රදේශයේදී කොවිඩ් වෛරසයට ගොදුරුවීම නිසා මිය ගිය කාන්තාවකගේ සිරුර තැන්පත් කිරීම සඳහා මිනී පෙට්ටියක් ලබා ගැනීමට නොහැකිව අසරණව සිටින පුද්ගලයෙකු පිළිබඳ මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කාන්තාව ස්වසන අබාධයක් හේතුවෙන් නිවසේදී මියගොස් ඇති අතර පසුව කරන ලද PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
එම කාන්තාවගේ ඥාතීන් පවසන්නේ ආණ්ඩුවෙන් සිදුකරනු ලබන්නේ ආදාහනය පමණක් බැවින් සිරුර තැන්පත් කිරීම සඳහා මිනී පෙට්ටියක් ලබාදෙන ලෙස ඉල්ලූ බවයි. මිනීපෙට්ටියක් මිලදී ගැනීමට සහ ප්‍රවාහනයට 30,000 ක පමණ මුදල් වැයවෙන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් මේ මොහොතේ තමන් සතුව නොමැති බවද ඔවුන් පවසා තිබේ.
ලෝක්ඩවුන් කර තිබෙන ප්‍රදේශවල ජිවත්වන බහුතර පිරිසකගේ ආදායම් අහිමිව තිබේ. මේ හේතුව නිසා බොහෝ පිරිසකට ආහාරපාන පවා සපයා ගැනීම ප්‍රශ්නයක් වී තිබේ. ඊයේ දිනයේදී කොළඹ 15 ප්‍රදේශයේ ජනතාව තමන්ට කෑමට බීමට පවා දෙයක් නොමැති බව පවසමින් උද්ඝෝෂණයක් පවත්වා තිබුණි. එහෙත් එයට ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ විමල් විරවංශ දැක්වූ ප්‍රතිචාරය වූවේ 5000 ලබාදෙන්නේ සතියකින් ඉවර කරගැනීමට නොවන බවයි.