උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඊයේ චීනයට පැමිණ චීන ජනපති හමුව ඇති බව වාර්තාවේ. පසුගිය 12 වැනි දින සිංගප්පූරුවේ පැවැති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙන් සතියකට පසුව උතුරු කොරිානු නායකයා හමුවන පළමු රාජ්‍ය නායකයා වන්නේ චීන ජනාධිපතිවරයයි.
මෙම හමුව පිළිබදව චීන මාධ්‍ය එතරම් ප්‍රචාරයක් ලබා දී නොතිබුනි. උතුරු කොරියානු නායකයා ඊයේ බීජිං නුවර පැමිණි අතර රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුව එහිදී පැවැති බව විාර්තාවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජෝන් අන් හමුවෙන් පසුව එක්සත් ජනපදය හා දකුණු කොරියාව අතර පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කරන බව ට්‍රම්ප් පැවැසීය. මේ වන විට එම තීරණය දෙපාර්ශ්වය විසින් තහවුරු කර ඇති අතර දකුණු කොරියාව හා එක්සත් ජනපද හමුදා විසින් සැලසුම් කර තිබූ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කිර ඇති බව දන්වා තිබේ.
පසුගිය කාලයේ එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර පැවැති ගැටුම්කාරී තත්වය යම් පමණකට හෝ සමනය කිරීමේ ප්‍රයත්නයක චීනය නිරතවිනි. එබැවින් කිම් ජෝන් අන් සංගප්පුරු සාකච්ඡාවලට පසුව චීන නායකයා හමුවීමට පෙළඹවීම සාමාන්‍ය දෙයකි.
දෙපාර්ශ්වය අතර උතුරු කොරියානු නායකයාට එක්සත් ජනපදය සමග සාකච්ඡා මාර්ගයෙන් සිය කලාපීය ගැටළු විසදා ගැනීම සදහා චීනය හා රුසියාව් යන රටවල නායකයින් දෙපල දැඩි ලෙස මැදිහත් වුනි.